විපස්සනා
එස් එන්. ගොඑන්කා විසින් උගන්වනු ලබන පරිදි

භාවනාව
සයාජී ඌ බා කින් තුමාගේ සම්ප්‍රදායට අනුව
විපස්සනා භාවනා ක්රමය පිළිබඳ ප්‍රශ්න සහ පිළිතුරු
පාඨමාලාවට දින 10ක දිගු කාලයක් අවශ්‍ය මන්ද?
ඇත්ත වශයෙන්ම, අවමය දින 10 ක පාඨමාලාවයි, එහිදී, භාවනා ක්රමය පිළිබඳ අත්‍යවශ්‍යය වන හැඳින්වීම සහ අඩිතාලම සැපයේ. භාවනා පුහුණුව දියුණුකර ගැනීම ජීවිත කාලය පුරාම කළයුතු කාරියකි. පරම්පරා ගණනාවකින් ලද අත්දැකීම් වලින් හඳුනාගෙන ඇත්තේ දින 10 කට වඩා අඩු කාලයකදී විපස්සනා භාවනාව ඉගැන්වූ විට ශිෂ්‍යයාට භාවනා ක‍්‍රමය පිළිබඳව ප‍්‍රමාණවත් ප‍්‍රායෝගික ග‍්‍රහණයක් නොලැබෙන බවය. සාම්ප‍්‍රදායිකව, විපස්සනා භාවනා ක‍්‍රමය උගන්වනු ලැබුවේ සති 7ක කාලයක් ගතවන නේවාසික පාඨමාලා මගිනි. 20 වන ශත වර්ෂයේ ආරම්භයත් සමඟ මෙම සම්ප‍්‍රදාය උගන්වන ගුරුවරු කාර්යය බහුල ජීවන රටාවට ගැලපෙන අයුරින් කෙටි කාලීන පාඨමාලා අත්හදා බැලීමට පටන් ගත්හ. ඔවුහු දින 30ක කාලය, සති 2ක කාලය, දින 10ක කාලය, දින 7 දක්වා අඩුකළ කාලය ද අත්හදා බැලූහ. එහිදී ඔවුන් අවබෝධකර ගත්තේ දින 10 කට වඩා අඩු කාලයක්, සිත සන්සුන් කරගෙන තැන්පත්ව සිත හා ශරීරය පිළිබඳ සංසිද්ධිය- සත්‍යතාවය, ගැඹුරින් හැදෑරීමට ප‍්‍රමාණවත් නොවන බවය.
මට දිනකට පැය කීයක් භාවනා කරන්නට වේවිද?
දිනය ආරම්භවන්නේ උදෑසන 4.00 ට අවදිවීමට හ`ඩවන සීනුවත් සමඟ වන අතර භාවනාව රාත‍්‍රී 9.00 දක්වා දිගටම පැවැත්වේ. දවස පුරා පැය 10 ක පමණ කාලයක් භාවනාව පැවැත්වෙන අතර, ඒ අතරතුර කෙටි හා දිගු විවේකයන් සඳහා කාලය වෙන්කර ඇත. දවස පුරා භාවනායෝගීන් ලද අත්දැකීම් වල අර්ථය පැහැදිලි වන අන්දමට, වීඩියෝ පට ගත කරන ලද එස් එන් ගොඑන්කා තුමාගේ දේශනාවක් දිනපතා සවස 7.00ට අසන්නට ලැබේ. මෙය දශක ගණනාවක් පුරා සිය දහස් ගනනක ජනතාවට ප‍්‍රයෝජනවත් ලෙස කි‍්‍රයාත්මක කළ හැකි වූ වැඩසටහනක් බවට තහවුරු වී ඇත.
පාඨමාලාව සඳහා භාවිතාවන්නේ කවර භාෂාවද?
ඉගැන්වීම ඉදිරිපත් කෙරෙනුයේ ඉංග‍්‍රීසි හෝ හින්දි භාෂාවෙන් එස්.එන්, ගොඑන්කා තුමාගේ පටි ගත කරන ලද කට හඬින් සහ ප‍්‍රදේශයට අදාල භාෂාවෙන් කරන ලද පරිවර්තනයක් සමගිනි. ඉංග‍්‍රීසි භාෂාව ඇතුලත්ව ලෝකයේ භාවිත වන ප‍්‍රධාන භාෂා බොහොමයකින්ම පරිවර්තන හඩපටි සකසා තිබේ. පාඨමාලාව මෙහෙයවන ගුරුවරයාට ප‍්‍රාදේශීය භාෂාව ව්‍යක්ත ලෙස හැසිරවිය නොහැකි නම්, එහි සිටින භාෂා පරිවර්තකයෙකුගේ සහාය ලබාගත හැකිය. පාඨමාලාවකට සහභාගීවන්නට අදහස් කරන කෙනෙකුට, සාමාන්‍යයෙන් භාෂාව බාධකයක් නොවේ.
පාඨමාලාව වෙනුවෙන් කොපමණ මුදලක් වැය කළ යුතුද?
පාඨමාලාවකට සහභාගීවන සෑම සිසුවකු වෙනුවෙන්ම එම පරිත්‍යාගය කරනුයේ කලින් පාඨමාලාවකට සහභාගීවූ සිසුවෙකු විසිනි .නවාතැන් සහ ආහාර සැපයීම වෙනුවෙන් කිසිම අය කිරීමක් නොමැත. ලොව පුරා සියලූම විපස්සනා පාඨමාලා පවත්වනු ලබන්නේ ස්වේච්ඡුාවෙන් පමණක්ම දෙනු ලබන පරිත්‍යාග වලින් පමණි. ඔබගේ පාඨමාලාව අවසානයේදී, ඔබ මෙම අත්දැකීමෙන් ප‍්‍රයෝජනයක් ලැබුවේ නම් මීළඟ පාඨමාලාව සඳහා කැමැත්ත පරිදි හැකි පමණින් දායක වීමට ඔබට පුළුවන.
පාඨමාලාව මෙහෙයවීම වෙනුවෙන් ගුරුවරුන්ට කොපමණ ගෙවීමක් කරන්නේද?
ගුරුවරුන්ට කිසිම ගෙවීමක්, ආධාර ලබා දීමක් හෝ වෙනත් ද්‍රව්‍යමය ලාභ ලබා දීමක් නොකෙරේ. ඔවුන්ගේ යැපීම සඳහා පෞද්ගලික යැපීම් මාර්ගයක් ඔවුනට තිබිය යුතුය. මෙම නීතිය නිසා සමහර විට ඉගැන්වීමට කැප කරන කාලය සීමිත වීම ඉඩ ඇති නමුත්, මේ නිසා සිසුන් (සූරාකෑමට* උපයෝජනයට ලක්වීමෙන් ආරක්ෂා වීම නිසා වාණිජකරණයට හසුවීමෙන් වැළකේ. මෙම සම්ප‍්‍රදායයේ ගුරුවරුන් විපස්සනා පුහුණුව ලබා දෙනුයේ අනුන් වෙනුවෙන් කරනු ලබන සේවයක් ලෙස පමණි. ඔවුන්ට ලැබෙන එකම දේ වන්නේ, දස දින පාඨමාලාවක අවසානයේ සහභාගීවූවන් ලබන ප‍්‍රීතිමත් ස්වභාවය දැකීමේන් ලබන තෘප්තියයි.
මට දෙකකුල් නවා වාඩිවීමට නොහැකියි. මට භාවනා කළ හැකිද?
නිසැක වශයෙන්ම පුළුවනි. ශාරීරික ආබාධ නිසා හෝ වයෝවෘද්ධභාවය නිසා පහසුවෙන් බිම වාඩි වීමට නොහැකි අය වෙනුවෙන් ආසන (පුටු) සපයනු ලැබේ.
මා විශේෂිත වූ ආහාර වේලකට නිර්දේශ ලැබූවෙක්, මගේ ආහාර රැගෙන ඒමට මට ඉඩ ලැබේද?
ඔබගේ වෛද්‍යවරයා, විශේෂ ආහාර වේලක් නිර්දේශකර ඇත්තේ නම් කරුණාඛර අප දැනුවත් කරන්න. එවිට ඔට අවශ්‍යතාවය සපුරාලීමට හැකිදැයි සලකා බැලීමට පුළුවන. ආහාරවේල සුවිශේෂී හෝ ඔබගේ භාවනා පුහුණුවට බාධා වන අන්දමේ එකක් වුවහොත්, ආහාර වෙනුවෙන් නම්‍යශීලී භාවයක් ලැබෙනතෙක් සිටීමට උපදෙස් දීමට අපට සිදුවිය හැකිය. කනගාටුවෙන් වුවද අපට කියන්නට සිදු වෙනවා - පිටින් තමන්ට අවශ්‍ය ආහාර ගෙන එනවා වෙනුවට සපයා ඇති ආහාරවලින් සුදුසු ආහාර තෝරා ගත යුතුයි කියා. බහුතරය, ආහාර තෝරා ගැනීම සරළ බව වටහා ගන්නා අතර නිර්මාංශ ආහාර වලින් සතුටට පත්වෙති.
ගැබිණි කාන්තාවන්ට පාඨමාලාවලට සහභාගී විය හැකිද? ඔවුන් වෙනුවෙන් විශේෂිත වැඩ පිළිවෙලක් හෝ උපදෙස් කි‍්‍රයාත්මක වේද?
සත්‍ය වශයෙන්ම ගැබිණි කාන්තාවන්ට සහභාගී විය හැකිය. බොහෝ කාන්තාවෝ විශේෂයෙන් ගැබිනි කාලයේ දී ලැබුණු අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගනිමින් නිසංසලව ගැඹුරු ලෙස භාවනා කිරීමට පාඨමාලාවලට සහභාගී වීමට පැමිණෙති . පාඨමාලාවට අයදුම් කිරීමට ප‍්‍රථම, ගැබිණි කාන්තාවන්ට, ඔවුන්ගේ තත්ත්වයේ සුරක්ෂිතභාවය පිළිබඳව සහතික විය හැකිදැයි විමසා බලනු ලැබේ. අප ඔවුනට අවශය අමතර ආහාර සපයන අතර භාවනා පුහුණුවට යොමු කරනුයේ ලිහිල් ආකාරයකටය.
පාඨමාලාවක් නිශ්ශබ්දව මෙහෙයවන්නේ මන්ද?
පාඨමාලාවට සහභාගීවන සියළුම සිසුන් ‘‘උතුම් නිශ්ශබ්දතාවය’’ එනම් කායික වාචසික හා මානසික නිහ`ඩතාවය අනුගමනය කරති. ඔවුහු තමන් සමඟ භාවනාවේ යෙදෙන සෙසු අය හා අදහස් හුවමාරු කර ගැනීමෙන් වැළකී සිටීමට එකඟ වෙති. කෙසේ වෙතත් තමන්ගේ ද්‍රව්‍යමය අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා කළමනාකරණය හමුවීමට ද උපදේශක සමඟ කථා කිරීමටද සිසුනට නිදහස තිබේ. මුල් දින 09 තුළ සම්පූර්ණ නිශ්ශබ්දතාවය රැුකිය යුතු වේ. 10 වන දිනයේදී සාමාන්‍ය දෛනික ජීවින රටාවට හුරුවීමක් ලෙස නැවත කථා බහට ඉඩ ලැබේ. මෙම පාඨමාලාවේ සාර්ථකත්වයේ රහස වනුයේ නොකඩවා කරනු ලබන පුහුනුවයි. නිශ්ශබ්දතාවය මෙම අඛණ්ඩතාවය පවත්වා ගැනීමට අවශ්‍යවන අංගයකි.
මට භාවනා කිරීමට හැකිවේදැයි තහවුරු කරගන්නේ කෙසේද?
සාමාන්‍ය ශාරීරික හා මානසික සෞඛ්‍යයකින් පසුවන අවංකවම භාවනාව ගැන උනන්දුවක් දක්වන, අව්‍යාජ උත්සාහයක යෙදීමට කැමැති අයෙකුට (උතුම් නිශ්ශබ්දතාවය ඇතුළුව* භාවනාව දුෂ්කර කාර්්‍යයක් නොවේ. ඔබට ඉවසිලිවන්තව හා උත්සාහවන්තව උපදෙස් අනුගමනය කිරීමට හැකි නම් නියත වශයෙන්ම ප‍්‍රතිඵල අත්කර ගත හැකිය. දවසේ වැඩ සටහන අපහසු ලෙස පෙනුනද, එය ඉතා දැඩි වූ හෝ ලිහිල් ලෙස සකස් වූවක් නොවේ. මීට අමතරව, භාවනාවට යෝග්‍යවූ නිසංසල පරිසරයක සිතේ එකඟතාවයෙන් යුතුව අනෙකුත් සිසුන් භාවනාවේ යෙදී සිටීම, කෙනෙකුගේ උත්සාහයට ප‍්‍රබල සහායක් සපයයි.
Do I have to stay for the entire course?
Yes. Note that the course spans 12 calendar days including the day you arrive and the day you leave.
පාඨමාලාවකට සහභාගී නොවිය යුතු අයෙකු සිටීද?
වැඩසටහන අනුගමනය කළ නොහැකි තරමට ශාරීරිකව ඉතා දුර්වල තත්ත්වයේ සිටින කෙනෙකුට පාඨමාලාවකින් ප‍්‍රතිඵල ලබා ගත නොහැක. මානසික ආතතියෙන් පීඩිත වූවෙකුගේ මෙන්ම ආවේගශීලී අවස්ථාවකට මුහුණදී සිටින කෙනෙකුගේ තත්ත්වය ද එලෙසම වේ.මූලිකව කරනු ලබන ක‍්‍රමාණුකූල ප‍්‍රශ්ණ සහ පිළිතුරු මගින් පැහැදිලි ලෙසට, ඔබ පාඨමාලාවකින් සම්පූර්ණ ප‍්‍රයෝජන ලබාගත හැකි තත්වයක පසුවේදැයි කල් ඇතිව නිගමනය කිරීමට ඔබට සහාය වීමට අපට පුළුවන. සමහර අවස්ථාවල අයදුම්කරුට අනුමැතිය ලබා දීමට ප‍්‍රථම වෛද්‍ය වරයාගේ අනුමැතිය ඉදිරිපත් කළයුතු බව දන්වනු ලැබේ.
I’m going through a difficult period in my life. Is it the right time for me to attend a course?
This depends upon what you are going through. After carefully reading the Introduction to the Technique and Code of Discipline, please consider if you feel ready to participate in such an intensive program at this time. If so, you are welcome to apply describing your circumstances and what you have been experiencing. We will then advise you further during the application process.
විපස්සනාවෙන් ශාරීරික හෝ මානසික රෝගාබාධ සුවකළ හැකිද?
බොහොමයක් රෝගාබාධ වලට හේතුව අප තුළ පවතින ආවේගශීලීභාවයයි. ආවේගශීලීභාවය ඉවත් කළහොත් රෝගාබාධය නිගමනය වීම හෝ සම්පූර්ණයෙන් නැතිවී යාමට පුළුවන. නමුත් රෝගාබාධය සුවකරගැනීම ඉලක්ක කරගෙන විපස්සනාව ඉගෙන ගැනීම සාර්ථක නොවන වැරදි වැටහීමකි. වැරදි ඉලක්කය අරමුණු කරගැනීම නිසා, මෙලෙස කි‍්‍රයා කිරීමට උත්සාහ දරණ පුද්ගලයන් තමන්ගේ කාලය අපතේ යවනවා පමණි. ඔවුන් තමන්ට අනර්ථයක් සිදුකර ගැනීමටද පුළුවන. ඔවුන් නිසියාකාරව භාවනාව අවබෝධ කර ගැනීමටවත් වත් රෝගාබාධයෙන් මිදීමටවත් සමත් වන්නේ නැත.
දොම්නස් සහගත ස්වභාවය විපස්සනාවෙන් දුරුකරගෙන හැකිද?
නැවතත් කිව යුත්තේ විපස්සනාව රෝගාබාධ සුව කිරීමේ ප‍්‍රතිකර්මයක් නොවන බවයි. විපස්සනාව නියමාකාරයෙන් පුහුණුකරන්නෙකු කවර පසුබිමකදී සතුටින් හා මැදහත්ස්වභාවයෙන් සිටීමට ඉගෙන ගනී. එනමුත් දැඩි කනස්සලූ ස්වභාවයකින් පීඩිත ඉතිහාසයක් ඇති අයෙකුට නිසියාකාරව භාවනා ක‍්‍රමය උපයෝගීකර ගැනීමට නොහැකිවීම නිසා අපේක්ෂිත ප‍්‍රතිඵල නොලැබී යා හැකිය. එවැනි කෙනෙකුට වඩා යෝග්‍ය වනුයේ වෘත්තීයමය වශයෙන් ප‍්‍රතිකාර කළහැකි අයෙකුගේ සහාය ලබාගැනීමය. විපස්සනා ගුරුවරුන් භාවනාව පිළිබඳ හසල දැනුම ඇත්තන් මිස, මනෝ වෛද්‍යවරුන් නොවේ.
විපස්සනාව නිසා පුද්ගලයින්ගේ මානසික සමතුලිතතාවය බිඳවැටිය හැකිද?
නැත. විපස්සනාව ඔබට, සතිය පවත්වා ගැනීමට සහ උපේක්ෂා සහගත වීමට උගන්වයි. එනම් ජීවිතයේ කවර අවස්ථාවකට මුහුණ දීමේදී වුවද සමතුලිතභාවය පවත්වා ගැනීමයි. නමුත් යමෙකු තමන්ගේ ආවේගශීලී මානසික ප‍්‍රශ්න සඟවාගෙන පාඨමාලාවකට සහභාගී වීමට පැමිණිය හොත් එම තැනැත්තාට භාවනා ක‍්‍රමය නිසියාකාරව අවබෝධකර ගැනීමට හෝ හරියාකාරව භාවනා ක‍්‍රමය උපයෝගී කරගෙන අපේක්ෂිත ප‍්‍රතිඵල ලබාගැනීමට හෝ නොහැකි වීමට පුළුවන. ඔබගේ අතීත තොරතුරු අප වෙත සැපයීම අවශ්‍යවන්නේ ඔබ පාඨමාලාවකින් යහපත් ප‍්‍රතිඵල ලබා ගන්නේදැයි තීරණය කිරීමට, මේ නිසා අපට පහසුවන බැවිනි.
I have a history of significant mental health issues. Is this course likely to be suitable for me?
Even if your mental health is currently stable, with or without medication, old symptoms may resurface during or after the course. Psychological conditions that have been in remission may reoccur. If this were to happen during the course you may not be able to benefit from it. For this reason, in some cases we do not recommend a Vipassana course for people with a history of significant mental health conditions.
විපස්සනා පුහුණුව සඳහා මා බෞද්ධයෙකු විය යුතුද?
නෙයෙකුත් ආගම් අදහන අය මෙන්ම ආගමක් විශ්වාස නොකරන උදවියද භාවනා පාඨමාලාවකින් සහනයක් මෙන්ම යහපත් ප‍්‍රතිඵලද ලැබෙන බව අතිවිද තිබේ. විපස්සනාව යනු ජීවත්වීමේ රටාවකි. ජීවන ක‍්‍රමයකි. එය බුදුරජාණන් වහන්සේගේ ඉැගැන්වීමේ හරය වන අතරම එය ආගමක් නොවේ. එය ඊට වඩා තමා මෙන්ම අන්‍යයන්ද යහපත් ජීවිතයකට යොමුකරවන මානුෂික ඇගයීම් වර්ධනය කරවන්නකි.